උදය

පෙරදිග ගොරහැඬි රකුසෝ, මගේ දිහා නිය ඇයි කඩන්නේ නිදාගන්න පොරොව ගත්ත කලු රෙදි පොට මොකටද මේ තීරුවලට ඉරා දමන්නේ. කුරුල්ලන්ට ගල් ගහලා උන් හොඳටම බිය කරලා මල් පොහොට්ටු තිගැස්සිලා කඳුලු හෙළනවා. ඇස් දෙක මම අරින්නෙ තුරුලු කරන් භාවනාව නැවතත් යන්නට යනවා මම මගේ දැහැන ලෝකයටම. -සිරි ගුනසිංහ සිරි ගුනසිංහ නිසදැස් කාව්‍ය සම්ප්‍රදාය ප්‍රචලිත කරමින් සිංහල පද්‍ය ආභාශය වෙනස්ම මගකට ගෙනගිය සුවිශේෂී චරිතයකි. මෙම උදය පද්‍ය පන්තියෙන් මානවයාගේ අතීත හා වර්තමාන චින්තනය ගම්‍යමාන කරයි. කෙසේද යත් සූර්යයා ගොරහැඬි රකුසෙකු ලෙසට පෙනේ. මිනිසුන් යාන්ත්‍රික මිනිසුන් බවට පත් වී යාමත් සමඟ නින්ද තමාට සුවදායක දෙයක් යැයි ඔවුන් කටයුතු කරති. වර්තමාන සමාජය තුළ සංවේදී කම, යහපත් මානව චින්තනයක් සහිත සිතුවිලි නොමැතිවීමත් අප මේ ගතකරන සමාජය තුළ දැකිය හැක. නින්දට ගිය මිනිසා නැවත ඇස් දෙක අරින්නෙ නෑ යනුවෙන් පවසන්නේ අවට වටපිටාවේ සොඳුරු පරිසරයක් නොමැති නිසා යයි පාඨක සිත තුළට කා වැදෙයි. සම...