උදය
පෙරදිග ගොරහැඬි රකුසෝ,
මගේ දිහා නිය ඇයි කඩන්නේ
නිදාගන්න පොරොව ගත්ත
කලු රෙදි පොට
මොකටද මේ
තීරුවලට ඉරා දමන්නේ.
කුරුල්ලන්ට ගල් ගහලා
උන් හොඳටම බිය කරලා
මල් පොහොට්ටු තිගැස්සිලා
කඳුලු හෙළනවා.
තුරුලු කරන් භාවනාව
නැවතත් යන්නට යනවා
මම
මගේ දැහැන ලෝකයටම.
-සිරි ගුනසිංහ
සිරි ගුනසිංහ නිසදැස් කාව්‍ය සම්ප්‍රදාය ප්‍රචලිත කරමින් සිංහල පද්‍ය ආභාශය වෙනස්ම මගකට ගෙනගිය සුවිශේෂී චරිතයකි. මෙම උදය පද්‍ය පන්තියෙන් මානවයාගේ අතීත හා වර්තමාන චින්තනය ගම්‍යමාන කරයි. කෙසේද යත් සූර්යයා ගොරහැඬි රකුසෙකු ලෙසට පෙනේ. මිනිසුන් යාන්ත්‍රික මිනිසුන් බවට පත් වී යාමත් සමඟ නින්ද තමාට සුවදායක දෙයක් යැයි ඔවුන් කටයුතු කරති. වර්තමාන සමාජය තුළ සංවේදී කම, යහපත් මානව චින්තනයක් සහිත සිතුවිලි නොමැතිවීමත් අප මේ ගතකරන සමාජය තුළ දැකිය හැක. නින්දට ගිය මිනිසා නැවත ඇස් දෙක අරින්නෙ නෑ යනුවෙන් පවසන්නේ අවට වටපිටාවේ සොඳුරු පරිසරයක් නොමැති නිසා යයි පාඨක සිත තුළට කා වැදෙයි. සමාජය තුළ පවතින සංකීර්ණ ගැටලුවක් ලෙස කෙනෙකුට සිතිය හැක. මේ පද්‍යයෙන් අපට අප්‍රාණික දේවල් සජීවීකරණයට ලක් කර ඇති බව දැකගත හැක . සරල බස් වහර පද්‍ය නිර්මාණයට යොදා ගෙන ඇත.
සිරි ගුනසිංහ ශූරීන් ගත්කල මානව හා සමාජ ජීවිතවල ගැඹුරු ප්‍රකාශයන් බවට පත්කරමින් නූතනය දක්වා ප්‍රවේශ කරවීමේ පුරෝගාමී වූ වැදගත් චරිතයකි.
සූර්ය උදාව ජීවිතයේ පටන් ගැන්මක් බඳුය. උදෑසන අවදි වී පටන් එක දිගට වැඩ කිරීම සඳහා ධෛර්යයක් ලබාදෙන්න සූර්යයා ය. සූර්ය උදාව පීඩාකාරී දෙයක් යැයි නොසිතා එය ජීවිතයේ පටන් ගැන්මක් යැයි සිතා කටයුතු කළ යුතුය. ජීවිතයේ ආරම්භයේ පටන් අවසානය දක්වා සිත තුළ පවතින ආත්මාභිමානයෙන් යුතුව සියලුම ක්‍රියාවන් කළ යුතුය. යම් දෙයකින් පසු බැස්සොත් නොව ම ජයග්‍රහනය කරා පියනැගීමට මහත් රුකුලක් වන්නේ ද උදෑසනයි. රාත්‍රියේ වෙහෙස මහන්සිය දුරු කරගැනීම සඳහා උදයෙ යන්නේ නියම අරුතබෝධමත් ලෙස අවදි විය යුතුය. උදය යන්නේ නියම අරුත ඔබගේ හද තුළට කා වැදෙනු ඇතැයි මම සිතමි...
😍great dear
ReplyDeleteThank you 🤝🙂
DeleteThank you 🤝🙂
DeleteWell written ...good job..keep it up putha..
ReplyDeleteThank you so much punchi...🥺💫😍
DeleteElama 🤘🤩
ReplyDelete